කරාපිටිය රෝහලේ රෝගීන් බාර ගැනීම සීමා කරයි..

කරාපිටිය ශික්ෂණ රෝහලට අද දිනයේ සිට රෝගීන් භාරගැනීම සීමා කිරීමට සිදු සිදුවනු ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

ඉන්ධන අර්බුදය මත කාර්ය මණ්ඩලයට සේවයට පැමිණීම ගැටළුකාරී වී ඇති නිසා මෙම තත්වය උදාවී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පැවසීය.

මේ වන විට රෝහල් කාර්යමණ්ඩලය පැමිණීම ඉතාමත් අවම මට්ටමකට පත්ව ඇති බවත් ඊට හේතුව පවතින ඉන්ධන අර්බුදය බවත් ඔහු සදහන් කරයි.

අත්‍යවශ්‍ය සේවාවන්ට ඉන්ධන ප්‍රමුඛතාවක් මත ලබා දෙන බව පැවසුවද මෙතෙක් ඊට විධිමත් වැඩපිළිවෙළක් නොමැති බව ද හෙතෙම පෙන්වා දෙයි. ‍

සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්ට පමණක් ඉන්ධන ලබා දී රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යා නොහැකි බව ද අධ්‍යක්ෂවරයා තව දුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *