කර්මාන්ත කරුවන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට සඳුදා උදය වරුව වෙන්කරනවා – විමල්

සෑම සතියකම සඳුදා දින උදය වරුව කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලු පිරිස්වල ගැටළු හඳුනා ගනිමින් ඒවාට කඩිනමින් විසදුම් ලබා දිම සඳහා වෙන් කළ බවත්, ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි තම අමාත්‍යාංශ කාර්යාලට පැමිණ එම ගැටළු ඉදිරිපත් කළ හැකි බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එමෙන්ම වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවත්, ඔඩ්ඩුසුඩාන් උළු හා ගඩොල් කර්මාන්ත ශාලාව වැනි දැනට වසා දමා ඇති රාජ්‍ය කර්මාන්ත යළි පණ ගැන්වීමේ කටයුතු මේ වනවිටත් සිදු වෙමින් පවතින බවත් ඉදිරි මාසය තුළ ඒවායේ මුල් අදියර නිෂ්පාදන කටයුතු ඇරඹෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

පරන්තන් කෙමිකල්ස් සමාගම, කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව වැනි රාජ්‍ය සමාගම් ද රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයම ඒකාබද්ධව යොදා ගනිමින් යළි පණ ගැන්වීමට සූදානම් බව ද වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *