නාය අවදානම් සහිත මහනුවර උඩුවෙල දඵපොතකඩ කන්දේ ඉඳිකරමින් යන හෝටල් සංකීර්ණයක් හේතුවෙන් ගම්මාන රැසක ජනතාව ජීවිතාරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා දඵපොතකඩ නගර මධ්‍යයේදී විරෝධතාවයක නිරත වුහ.
අඵපොතකඩ, මොනරංගල, වතුලියද්ද, බෝගහලන්ද , සිල්ලරතැන්න , කන්දගම ආදී අවදානමට ලක්වූ ගම්මානවල ගැමි ජනතාව සමඟ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ලැසක්ද ඊට එක්වී සිටියෝය.
අදාල හෝටල් සංකීර්ණය ඉඳිකිරීමේදී පැරණි ගම්සභා මාර්ගයක් මෙන්ම ජල මූලාශ්‍ර රාශියක්ද අවහිරකර ඇතැයි පෙන්වාදෙන විරෝධතාකරුවන් ඒ සම්බන්ධයෙන් රජයේ අදාළ වඟකිවයුතු අංශ වහා මැදිහත්ව කඩිනම් විසදුම් ලබාදෙන ලෙසට එම විරෝධතාකරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.


