කථානායකටත් කොවිඩ්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

“අද දෙරණ” කළ විමසීමකදී කථානායකවරයා පැවසුවේ, උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකින් අනතුරුව තමාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු බවය.

තම නිල නිවසේ සේවකයින් කිහිප දෙනෙකුටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවටත් තහවුරු වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *