කඩුවෙල නගර සභා ස්වාධින අපේක්ෂකයෙක් ‘අයිස්‘ සමඟ මාට්ටු

කඩුවෙල මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු ලෙස කටයුතු කල පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය සමගින් පනාගොඩ වැලිපිල්ලෑව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාට ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් ගොස් සැකකාර පුද්ගලයා වැලිපිල්ලෑව මංසන්ධියේ රැදී සිටියදී අත් අඩංගුවට ගෙන සෝදිසි කිරීමේදී ⁣සැකකරු හැද සිටි කලිසමේ සගවා ගෙන සිටි අය්ස් මත්ද්‍රව්‍ය හමු වූ බවද පොලිසිය පවසයි

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පනාගොඩ වැලිපිල්ලෑව ප්‍රදේශයේ ම පදිංචිකරුවකු වන 42 හැවිරිදි පුද්ගලයෙකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *