කටාර්හි ALBG Trading සමාගම නාමල් රාජපක්ෂ මතභේදය පිළිබඳ පැහැදිලි කිරීමක් නිකුත් කරයි.

දෝහා හි පිහිටි ALBG Trading Company නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂවරයෙකු බවට පැතිර යන කටකතා ප්‍රතික්ෂේප කරයි.

1961 වසරේ උපන් පී.ඩබ්ලිව්.එම්.නාමල් රාජපක්ෂ නමැති පුද්ගලයෙකු එම සංවිධානයේ මුල්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සේවය කර ඇති නමුත් තවදුරටත් එම ආයතනයේ සේවය නොකරන බවද එහි වැඩිදුරටත් සඳහන්.

සමාගම තවදුරටත් අවධාරණය කරන්නේ නාමල් රාජපක්ෂ නමැති තම අතීත සේවකයා ශ්‍රී ලංකාවේ ජනාධිපති රාජපක්ෂගේ පවුලේ සාමාජිකයෙකු නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *