ඖෂධ ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක්…

ඉන්දියාවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක ඉන්දීය ණය මාර්ගයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් භාවිත කිරීමට රජය තීරණය කළ බව අමාත්‍යවරයෙක් අද ප්‍රකාශ කළේය.

නිෂ්පාදන, සැපයුම් සහ ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයටම ඉන්දියාවෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා මෙම පහසුකම භාවිත කළ හැකි බවයි.

“අපි දැන් ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවා තිබෙනවා,” අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය අංශය සඳහා ඖෂධ ආනයනය සඳහා ශ්‍රී ලංකාව වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක් පමණ වැය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *