ඕනෑම කෙනෙකු සමඟ පිළිවෙළකට යාමට අපි සූදානම් – විමල්

ඕනෑම කෙනෙකු සමග පිළිවෙලකට ගමනක් යෑමට හැකි නම් ඒ කවුරුන්ද යන්න අදාළ නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ආණ්ඩුවෙන් පිරිසක් ඉවත්වන බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.

“ඕන කෙනෙක් එක්ක පිළිවෙලකට යන්න පුළුවන් නම් අපි ගමනක් යන්න සූදානම්. ඒක කවුද කියන එක අදාළ නෑ. මාධ්‍ය ආයතනවලින් මට කිසිම කැපිල්ලක් නෑ. රජයත් එක්ක කැපිල්ලක් තියෙනවයි කියලා මම පේන්නේ නැති වෙන්නේ කොහොමද? කවුද කොහෙද කඩාගෙන යන්නේ. ඔයාලා හීනෙන් මොකක් හරි එකක් දැකලා.”

මේ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සම්බන්ධ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අවශ්‍ය සංශෝධන සිදුකිරීමට කටයුතු කරන බවද කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *