Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
සවස් කාලයේ ප්‍රදේශ රැසකට ධාරානිපාත වැසි සහ තාවකාලික තද සුළං: උදෑසන මීදුම ගැනත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්ප්‍රධාන පුවත් සිරස්තල විකල්ප (Hook Titles) විකල්ප 1 (ජීවන වියදම හා ආකර්ෂණීය / උණුසුම් පුවත්): “හැමෝටම PickMe, Uber Eats වලින් කන්න සල්ලි නෑ; ගෙදර උයන්න ගෑස් නෑ!”: ලාෆ්ස් ගෑස් අර්බුදය ගැන ආචාර්ය හර්ෂ ද සිල්වාශ්‍රී ලංකා රජයේ යෝජිත නව පනත් කෙටුම්පත් ඉල්ලා අස්කරගන්නැයි බලකරමින් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්පාඩු ලබන රාජ්‍ය ආයතන 33ක් ඈවර කිරීමේ මෙහෙයුම අරඹයි: ප්‍රධාන රාජ්‍ය ආයතන 51ක ලාභය රුපියල් බිලියන 259 පනීනව තරග වාර්තා 30ක් බිඳදමමින් 36 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල නිමාවෙයි: ගම්පහ සහ මහනුවර සමස්ත සම ශූරතාව දිනාගනීසබරගමුවේ උසස් පෙළ විශිෂ්ටයින්ට ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂයක මූල්‍ය ප්‍රදානයක්: රත්නපුරයේදී සිසුන් 40කට උපහාරපල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේදී වෙඩි වැදී මියගිය රැඳවියාගේ සිද්ධිය පිළිබඳව පවුලේ ඥාතීන්ගෙන් සැකසංකාවන සතුන් මරාදමන මර උගුල් සහ ගිනිඅවි සොයා කැකිරාවේ දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමක්: කාන්තාවක ඇතුළු තිදෙනෙක් දැලේසවුදියේදී අනෝජන් සිවරාසාගේ මරණ දණ්ඩනය අහෝසි කරවීම ගැන මියන්මාර හින්දු ප්‍රජාවෙන් ජනපති අනුර කුමාරට ප්‍රණාමයවන අලි සම්පත සුරැකීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ‘හස්ති සේනා’ දීපව්‍යාප්ත මෙහෙයුම පරිසර අමාත්‍යාංශය ආරම්භ කරයි
ප්‍රවෘත්ති

ඔලුවිල් ප්‍රදේශයේ අන්තවාදී උපකාරක පන්තියක් වටලයි

ඔලුවිල්  ප්‍රදේශයේ අන්තවාදී උපකාරක පන්තියක් වටලයි

අන්තවාදී දේශන පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ළමුන් සඳහා මුලධර්මවාදී හා අන්තවාදී දේශන පවත්වා ඇති බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවස සිටියේ සැකකරුවන් ඔලුවිල් ප්‍රදේශයේ දී ඊයේ දින අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් 30 හැවිරිදි හා 39 හැවිරිදි ඔලුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

විදේශීය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම්වලට සාමාජිකයින් බඳවා ගැනීමට පවත්වන දේශනවල අඩංගු කරුණු සැකකරුවන් විසින් මෙරට සිටින ළමුන් වෙත ලබා දී ඇති බවට වාර්තා වී තිබේ.

ඔලුවිල් ප්‍රදේශයේ 2018 වසරේ දෙසැම්බර් මාසයේ දී එම පන්ති පවත්වා ඇති අතර, සහභාගී වු සිසුන්ට ඔවුන්ගේ කැමැත්ත නොමැතිව විවිධ ශාරීරික අභ්‍යාස ලබාදුන් බවට ද හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. අභ්‍යාසවලට අකමැති වු සිසුන්ට පහරදීම් ද සිදුකර ඇති අතර, ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් එම පහරදීම්වලට ලක්වු සිසුන් සොයා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ ස්වයං ඝාතකයෙක් වූ සහරාන් හෂීම්ගේ අනුදැනුම මත එම අන්තවාදී පන්ති පැවැත්වු බවට එම අන්තවාදීන්  අනාවරනය කර ඇත. රැඳවුම් නියෝග මත ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා වැඩිදුරටත් පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *