Skip to content

එප්ස්ටයින් ලිපිගොනුවල බිල් ගේට්ස් ඉන්නවා

ප්‍රසිද්ධ මෙන්ම ජනප්‍රිය පුද්ගලයන්ගේ අතිශය පෞද්ගලික විස්තර, සිදුවීම්, ගනුදෙනු සහ ඡායාරූප ආදිය එප්ස්ටයින් ලිපිගොනු හරහා ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ ලොව පුරා ආන්දෝලනයක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අතරින්, මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් සහ ජෙෆ්රි එප්ස්ටීන් අතරේ 2017 මාර්තු 3 වැනිදා සිදුවුණු ඊ මේල් පණිවුඩ හුවමාරුවකින් අනාවරණය වී ඇත්තේ, ‘කොවිඩ් 19’ හෙවත් කොරෝනා වැනි ගෝලීය වසංගතයක් ලොවය පුරා පැතිර ගියහොත් ඊට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙනි. ජීව අවි සම්බන්ධයෙන් ද බිල් ගේට්ස් සහ ජෙෆ්රි එප්ස්ටීන් අතරේ ඊ මේල් හරහා සාකච්ඡා වී ඇතැයි ද පැවැසෙයි.

ජනප්‍රිය පුද්ගලයන්ගේ විකෘති චර්යා විධි, සමාජ විරෝධී ක්‍රියාපිළිවෙත් මෙන්ම තාක්ෂණික සහ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ නව තොරතුරු ආදිය එප්ස්ටීන් ලිපි ගොනු හරහා ප්‍රසිද්ධියට පත් වී ඇත. එප්ස්ටීන් ලිපි ගොනු අතරේ වීඩියෝ, ඡායාරූප, ඊමේල්, ලිපි යනාදී මිලියන 6කට අධික ප්‍රමාණයක් අඩංගු වෙයි.

ජෙෆ්රි එප්ස්ටයින් ඇමෙරිකන් මූල්‍යකරුවකු වන අතර ඔහු වරදකරු වූ දාම දූෂකයෙක් මෙන්ම ළමා ලිංගික අපරාධකරුවෙකි. එප්ස්ටයින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ඩෝල්ටන් පාසලේ ගුරුවරයකු ලෙසය. තමාට එරෙහිව එල්ල වූ චෝදනා විභාග වෙමින් තිබෙන කාලයක නිව්යෝර්ක් බන්ධනාගාරයක රඳවා සිටි එප්ස්ටයින් 66 වැනි වියේදී 2019 අගෝස්තු 10 වැනි දා සිර මැදිරිය තුළ ගෙල වැළලාගෙන දිවි නසා ගත්තේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

© 2019-2020 LKReports.com