එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම ප්‍රමාදයි

පොදු ස්ථානවලට ඇතුළුවීමේදී සාමාන්‍ය ජනතාව සඳහා එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම ක්‍රියාත්මක කිරීම පාර්ශව කිහිපයක අවධානය යොමු කිරීම හේතුවෙන් ප්‍රමාද වී තිබේ.

මෙම තීරණය 2022 ජනවාරි 1 වන දින සිට බලාත්මක කිරීමට නියමිතව තිබුණි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන පරිදි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියල්ල අවසන් කිරීමට අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් ගතවනු ඇත.

“නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව නීතිමය ගැටළු නිරාකරණය කර ඇතත්, එන්නත් කාඩ්පත රැගෙන යාම හෝ QR කේතය හඳුන්වාදීම වැනි අනෙකුත් සාධක තවමත් අවසන් කිරීමට අවශ්ය වේ,” ඔහු පැහැදිලි කළේය.

“එන්නත් කාඩ්පතක් රැගෙන යාමට වඩා QR කේතයක් හඳුන්වාදීම ජනතාවට පහසු වනු ඇති බව අපගේ අදහසයි. එම නිසා QR කේතය හඳුන්වා දීමට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ එක්ව අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, මේ මස අවසන් වීමට පෙර අවශ්‍ය විධිමත් කටයුතු අනිවාර්යයෙන්ම අවසන් කරන බව ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *