එන්නත් ආනයනයට අමෙරිකන් ඩොලර් මිලියන 110ක්

කොවිඩ් මර්දන එන්නත් ආනයනය සඳහා මේ වන විට රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 110ක මුදලක් වැය කර ඇති බව භාණ්ඩාගාර සහ  මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා පවසයි.

ජුනි මාසය වන විට එන්නත්කරණයට  හැර කොවිඩ් වසංගත තත්ත්වය පාලනය සඳහා රුපියල් මිලියන 53,000ක් වැය කර ඇති බව ලේකම්වරයා සඳහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් එස්.ආර් ආටිගල මහතා මේ  බව ප්‍රකාශ කර තිබේ.

2020 වසරේ මුල් මාස හය හා සැසදීමේදී 2021 වසරේ මුල් මාස හය තුළ බදු ආදායම සියයට 8කින් ඉහළ ගොස් ඇති බව ද ලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට වසාදමා තිබියදීත් රටේ ආර්ථික ක්‍රියාකාරකම් වැඩිවී ඇති බව පෙන්නුම් කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දෙයි.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ ආර්ථික පසුබෑමට මුහුණදීම සඳහා එන්නත්කරණ ඉලක්කය සපුරාගත යුතු බැවින් එන්නත් මිල දී ගැනීමට ප්‍රමුඛතාව ලබා දෙන බව  එස්.ආර් ආටිගල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *