එජාපය ව්‍යවස්ථාව සංශෝධනය විය

එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරමින් ඊයේ පැවති එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාව එහි සම්මේලනයේදී සංශෝධනය විය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ පරිදි විධායක කමිටුවෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට බලතල පැවරීමට නියමිතයි. නව සංශෝධන යටතේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව අඩු කිරීමට නියමිතයි.

“දැන් විශාල කෘත්‍යාධිකාරී මණ්ඩලයක් අවශ්‍ය නැහැ, මොකද පක්‍ෂයට සාමාජිකයන් 100කට වඩා ඉන්න විධායක කමිටුවක් තියෙනවා,” වික්‍රමසිංහ පැවසීය.

එසේම පක්ෂයට උපක්‍රම තීරණය කිරීමේ වගකීම පැවරෙන ඉහළ තනතුරු කමිටුවක් ද ඇත.

“ඩිජිටල් කණ්ඩායම් හඳුන්වාදීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය ඩිජිටල් දේශපාලන පක්ෂයක් බවට පත්වෙනවා. පක්ෂ ධුරාවලියෙන් අනුමැතිය ලබාගෙන පක්ෂයේ ඕනෑම සාමාජිකයෙකුට ඩිජිටල් කණ්ඩායම් පිහිටුවිය හැකියි. මැතිවරණ කොට්ඨාශ මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් ඩිජිටල් කණ්ඩායම් බිහිවිය හැකියි. ” වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

වැඩි කල් යන්නට මත්තෙන් පක්ෂය භාර ගැනීමට නව නායකයින් සූදානම් විය යුතු බවද පක්ෂ නායකයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *