එක රටක්, එක නීතියක් සඳහා වූ කාර්ය සාධක බලකායේ වෙනස්කම් සහිත ගැසට් නිවේදනය ජනපති විසින් නිකුත් කරයි

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ‘එකම රටක් එකම නීතියක්’ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායට සංශෝධන ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් නොවැම්බර් 06 වැනි දින ජනාධිපතිවරයාගේ අණ පරිදි නව ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

නිකුත් කර ඇති නව ගැසට් පත්‍රයට අනුව ජනාධිපතිවරයා විසින් එම කාර්ය සාධක බළකායේ සාමාජිකයින්ගේ සංයුතිය සහ යොමු කොන්දේසි සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් නව සාමාජිකයින් තිදෙනෙකු පත් කර ඇත. කාර්ය සාධක බලකායේ යොමු නියමයන්ට අනුව, මෙම කාර්ය සාධක බලකායේ සාමාජිකත්වයේ සංයුතිය තුළ ශ්‍රී ලාංකේය සමාජයේ බහුත්ව ස්වභාවය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබිඹු විය යුතුය.

ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් වන මහාචාර්ය දයානන්ද බණ්ඩා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් කාර්ය සාධක බලකායේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

එකම රටක්, එකම නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නව සාමාජිකයින් ලෙස රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේශ්වරී පට්ගුණරාජා සහ අයියම්පිල්ලෙයි දයානන්දරාජා පත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් එම කාර්ය සාධක බළකායේ නියමයන් මෙසේ සංශෝධනය කර ඇත.

“1. “එකම රටක්, එකම නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් දරනු ලබන අදහස් සහ මතයන් සැලකිල්ලට ගනිමින් එම සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ඉතා සුදුසු සංකල්පීය රාමුවක් සැකසීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම.

“එකම රටක් එකම නීතියක්” සංකල්පය ක්‍රියාත්මක කිරීම අධ්‍යයනය කිරීම සහ පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 13 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර තිබේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *