එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායම මූල්‍ය කළමනාකරණය සඳහා තාක්ෂණික සහාය සහතික කරයි.

දිවයිනට පැමිණ සිටින අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කළහ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසියා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රොත් සහ දකුණු හා මධ්‍යම ආසියාව පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් ශ්‍රී ලංකා නිලධාරීන් හමුවූ බව ඇමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් ප්‍රකාශ කළේය.

ජුලී චුන්ග් පැවසුවේ මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව අවධානය යොමු වූ බවයි.

“එය අභියෝගාත්මක කාලයකි, නමුත් ශ්‍රී ලංකාවට සමෘද්ධිමත්, සුරක්ෂිත සහ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයක් ළඟා කර ගැනීමට උපකාර කිරීම සඳහා අපි දිගටම ආධාර සහ දිගුකාලීන හවුල්කාරිත්වය ලබා දෙන්නෙමු,” ඇය තවදුරටත් පැවසුවාය.

මේ අතර, අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමනාකරණය සඳහා තාක්ෂණික සහාය ලබාදීමට එක්සත් ජනපදය එකඟ වී ඇති බවයි.

ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව භාර නියෝජ්‍ය රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් මහතා අද (27) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක නිරත විය.

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැත්වෙන සාකච්ඡා සඳහා එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායම ද සහාය පළ කරන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට ඇමරිකා එක්සත් ජනපදයේ ආසියා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් ද සහභාගී වූහ.

ඊට අමතරව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *