ඌවේ පාසල් ටිකක් අද නෑ

පවතින අයහපත් කාළගුණය හේතුවෙන් ඌව පළාතේ තිබෙන පාසල් 892න් පාසල් 525ක් ආරම්භ කිරිම දෙසැම්බර් 29 දින තෙක් කල් දැමු බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතා පැවසීය.

ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි අධ්‍යක්ෂවරයා මෙම අදහස් පැවසීය.

බදුල්ල දිස්ත්‍රීක්කයේ මහියංගන අධ්‍යාපන කළාපයේ පාසල් 78ක් සහ මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් 290ක් පමණක් 16 දින ආරම්භ කිරිමට නියමිතව ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල,පස්සර,බණ්ඩාරවෙළ,වියළුව,වැලිමඩ යන අධ්‍යාපන කළාපවල තිබෙන සියලුම පාසල් සහ මහියංගන අධ්‍යාපනප කළාපයට අයත්වන දික්යාය, කළුකැලේ, පින්නගොල්ල පාසල් තුන සහ මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල අධ්‍යාපන කළාපයට අයත්වන දෙහිගොල්ලවත්ත පාසල 29 දින ආරම්භ කිරිමට තීරණය කරතිබේන බව කියයි,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *