උසස් පෙළ විභාගය කල් දමන ලෙස මන්ත්‍රීවරු ඉල්ලති.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔවුන් පෙන්වා දුන්නේ 2 වැනි වාරයෙන් පසු ප්‍රතිඵල ලබාගත් සිසුන්ට 2022 අපොස උසස් පෙළ විභාගයට ඇත්තේ දින 98ක් පමණක් බවයි.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ මෙම යෝජනාව විභාග දෙපාර්තමේන්තුවට යොමු කරන බවත් සාධාරණත්වය සහතික කිරීම සඳහා තමාගේ උපරිමය ලබා දෙන බවත්ය.

කෙසේ වෙතත්, සෙනසුරාදා විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන කියා සිටියේ 2022 අ.පො.ස උසස් පෙළ විභාගය නියමිත පරිදි දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *