උලපනේ හිමි ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු  උලපනේ සුමංගල හිමි ඇතුළු තිදෙනෙකු ලබන 26 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසාන් අමරසේන මහතා නියෝග කළේය.

නරාහේන්පිට දාබරේ මාවතේ පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේ දී ඊට විරෝධය පළකර බාධාකිරීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටි උලපනේ සුමංගල හිමි,කොළඹ නාගරික මන්ත්‍රී වරයෙකු හා විදුහල්පතිවරියක මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

අධිකරණයට නියෝගයන්ට අවනතව කටයුතු නොකිරීම ඇතුළු කරුණු හේතුවෙන් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ලබන 27 වන දින විභාගයකට මුහුණ දීමට සිදුව තිබෙන බැවින් 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට දන්වා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *