උද්භිද උද්‍යාන සංවර්ධනයට රුපියල් මිලියන 575ක්

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ සිය උපදෙස් පරිදි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව එය ක්‍රියාත්මක කරන බවයි.

මේ යටතේ මල් වගාවේ යෙදී සිටින ගොවීන් සංවිධාන ගත කිරීම , සංවිධාන ගත වූ මල් වගාකරුවන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම , උසස් තත්ත්වයේ රෝපන ද්‍රව්‍ය, වගා කටයුතු සදහා අවශ්‍ය උසස් තත්ත්වයේ ආනයනය කළ මල් පැළ හා යටිතල පහසුකම් සැපයීම, හා මල් වගා කරුවන් සදහා වෙළදපළ සම්බන්ධතා ඇතිකර දීමට අපේක්ෂා කෙරේ.

මීට අමතරව මල් වගාව පිළිබදව දැනුම හා කුසලතා වැඩිදියුණු කරමින් වගා කරුවන් සවි බල ගැන්වීම සදහා පුහුණු වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

මේ සම්බන්ධයෙන් මල් වගා කරුවන් සමග මේ වන විට කථිකාවක් ආරම්භ වී ඇති බවත් ඔවුන්ගේ අවශ්‍යතා හදුනා ගනිමින් ඒ අනුව වැඩ සටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව පැවසූ ඇමතිවරයා සියළුම උද්භිද උද්‍යාන වල මල් හා පැළෑටි අලෙවිසැල් ස්ථාපිත කිරීමටත් ඒවා වැඩි දියුණු කිරීමටත් සැලසුම් කර ඇති බවත් සදහන් කරයි.

මේ වසරේ මුල් කාර්තුව තුළ පේරාදෙනිය, හග්ගල, ගම්පහ, මිරිජ්ජවිල, අවිස්සාවේල්ල හා ගනේවත්ත උද්භිද උද්‍යාන සදහා දේශීය සංචාරකයන් 185,864 දෙනෙකු පැමිණ තිබේ. විදේශීය සංචාරකයන් 1,104 දෙනෙකු පැමිණ ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *