උත්තරා දේවි පීලි පැනීම හේතුවෙන් දුම්රිය සේවා සීමා කරයි.

උත්තරාදේවි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය තඹුත්තේගම සහ සෙනරත්ගම දුම්රිය ස්ථාන අතරදී අද උදෑසන පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් පැවසුවේ දුම්රිය එන්ජිම සහ මැදිරි දෙකක් පීලි පැන ඇති බවයි.

උත්තරා දේවි දුම්රිය කොළඹ, යාපනය සහ කන්කසන්තුරේ අතර ධාවනය වේ. පීලි පැනීමත් සමඟ උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *