මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,517 දෙනෙකු හදුනා ගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත පැවසුවේ ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 250 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි.