ඉරාකයේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටුවක ඇති වූ ගින්නකින් 50 දෙනෙකු මරුට

ඉරාකයේ රෝහලක කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලැබූ වාට්ටුවක ඇති වූ ගින්නකින් 50 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ දකුණු ඉරාකයේ නසිරියා නගරයේ අල් හුසේන් රෝහලේ කොරෝනා රෝගීන් සඳහා වෙන් කර තිබූ වාට්ටුවක් එලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි.

මියගිය පුද්ගලයින් අතර සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ දෙදෙනෙකු ද වන බව එම වාර්තාවල සඳහන්. ගින්න මේ වන විට පාළනය කර ඇති අතර සෝදිසි මොහෙයුම් තව දුරටත් ක්‍රියාත්මකයි. මාස 03 ක් ඇතුලත ඉරාකයේ කොරෝනා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දෙන ස්ථානයක ගිනිගැනීමක් සිදුවූ දෙවැනි අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *