ඉන්ධන හිගයට මන්ත්‍රීවරුන්ගේ විරෝධය…

පවතිව ඉන්ධන හිගය සහ ගෑස් හිගය හේතුවෙන් උතුරේ ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්වීම සම්බන්ධයෙන් විරෝධය පා යාපනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් පාපැදිවලින් මාසික සභාවාරයට පැමිණියහ.

යාපනය වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සියලු මන්ත්‍රීවරුන් විසින් මෙලෙස මාසික සභාවාරයට පැමිණීමට පෙර 16 දින විරෝධතාවයක නිරත වූහ.

විරෝධතාවයේ නිරත වූ මන්ත්‍රීවරුන් වැඩි දුරටත් පවසා සිටියේ,

මේ වනවිට තමන් ඇතුලු සාමාන්‍ය ජනතාව ඉන්ධන සහ ගෑස් හිගයෙන් පීඩා විඳින අතරම ජනතාවට දැරිය නොහැකි අයුරින් ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් දැඩි ලෙසින් පීඩාවන්ට පත්ව ඇති හෙයින් කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසටද ඉල්ලා සිටියහ.

පාපැදිවලින් විරෝධතාවයේ පැමිණි ප්‍රාදේශීය සභාමන්ත්‍රී වරුන් විසින් සභාව තුලදීද විරෝධතාවයක නිරත වීම හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ දෛනික කටයුතුවලටද බාධා සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *