ඉන්ධන ලබාදීම අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් සීමා කරයි.

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ජූලි 10 දක්වා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව රජයේ ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

නාගරික ප්‍රදේශයේ පාසල් ජුලි 10 වැනිදා දක්වා වසා තැබෙන අතර අනෙකුත් ප්‍රදේශවල පාසල් අදාළ විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්ධන සැපයුම සීමා කිරීම හේතුවෙන් අන්තර් පළාත් බස් රථ ද බොහෝ දුරට අත්හිටුවීමට ඉඩ ඇති බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ජූලි 10 වැනිදා සිට අඛණ්ඩව ඉන්ධන සහ එල්පී ගෑස් සැපයීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

පවතින සීමිත ඉන්ධන ප්‍රමාණය යොදා ගනිමින් අපනයන අංශයේ සහ සංචාරක ව්‍යාපාරයේ මෙහෙයුම් කළමනාකරණය පෞද්ගලික අංශයෙන් සිදු කිරීමට රජය අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *