ඉන්ධන මිල ගැන බන්දුලගෙන් ඉගියක්

ඉදිරියේදී ඉන්ධන මිලෙහි වැඩිවීමක් සිදුවනු ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද(15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
ගල්ෆ් කලාපීය අර්බුද හමුවේ මේ වන විටත් ලෝක වෙළදපොළේ තෙල් මිල ඉහළ ගොස් ඇති බැවින් මෙසේ ඉන්ධන මිල වැඩිමීමක් සිදු කරනු ඇතැයි අමාත්‍යවරයා කීය. මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ තෙල් අලෙවි කරනුයේ පාඩු ලබමින් බවද අමාත්‍යවරයා කියා සිටි අතර පසුගිය ආණ්ඩු සමයේ ක්‍රියාත්මක කළ තෙල් මිල සූත්‍රය නැවත ක්‍රියාත්මක වන්නේදැයි මාධ්‍යවේදීන් ඇසූ අවස්තාවේ මිල සූත්‍රයක් ක්‍රියාත්මක නොවන බව අවධාරණය කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *