ඉන්දියාවට කැන්ගරුවන් හමුවේ අන්ත පරාජයක්

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගයෙන් වාර්තාගත කඩුලු 10ක ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.
මුම්බායිහි වන්කඩේ පිටියේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී පන්දුවාර 49යි පන්දු 1කදී ලබාගත හැකිවූයේ ලකුණු 255ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරුවන් සිය ක්ණඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ වෙනත් කිසිදු ඕස්ට්‍රේලියා පිතිකරුවකුට පිටියට පැමිණීමටවත් ඉඩ නොතබමිනි. ඒ පන්දුවාර 37 පන්දු 4කදී කිසිවකු නොදැවී ලකුණු 258ක් ලබමිනි.

ආරම්භක පිතිකරුවන් වූ ඩේවිඩ් වෝනර් හා නායක ආරන් ෆින්ච් යන දෙදෙනාම නොදැවී ශතක ලබා ගත්හ.
මෙය ඉන්දීය කණඩායම 2005 වසරින් පසු ලැබූ දරුණුම පරාජය ලෙසත් ඕස්ට්‍රේලියා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව කඩුලු 10ක ජයක් ලැබූ පළමු අවස්ථාව ලෙසත් වාර්තා පොත් අතරට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *