ඉන්ධන බෙදා හැරීම සම්බ්නධව ප්‍රගති සමාලෝචන රැස්වීමක් පවත්වයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාව පර්යන්තයේ ඉන්ධන බෙදාහැරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වුණා.

“එක් එක් ඉන්ධන පිරවුම්හලට බෙදා හරින ඉන්ධන ප්‍රමාණය සහ QR පද්ධතියෙන් නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය පිළිබඳ දත්ත විශ්ලේෂණය කර සාකච්ඡා කරන ලදී” යනුවෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

“මාර්ගෝපදේශ පිළිනොපදින ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් සුදුසු කළමනාකරණ තීරණ ගැනීමට CPC වෙත උපදෙස් ලබාදී ඇත. අත්‍යාවශ්‍ය සේවා, පොදු ප්‍රවාහනය, ධීවර ක්ෂේත්‍රය, කෘෂිකාර්මික අවශ්‍යතා, කර්මාන්ත, සංචාරක ක්ෂේත්‍රය සඳහා ඉන්ධන බෙදා හැරීම ද සමාලෝචනය කර සාකච්ඡා කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *