ඉන්ධන පිරවුම්හල් 12කට ඉන්ධන බෙදා හැරීම අත්හිටුවයි.

ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් 12කට ඉන්ධන බෙදා හැරීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසුවේ, ජාතික ඉන්ධන බලපත්‍ර QR පද්ධතියේ මාර්ගෝපදේශවලට අනුකූලව ඉන්ධන පිරවුම්හල් අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

“CPC අලෙවි අංශයේ ප්‍රගති සමාලෝචනයක් අද පැවැත්වුණු අතර, එහිදී ඉන්ධන පිරවුම්හල් මගින් QR පද්ධතිය ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කරන ලදී,” ඔහු පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එම සමාලෝචනයට අනුව මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු නොකළ ස්ථාන 12කට ඉන්ධන බෙදා හැරීම අත්හිටුවීමට තීරණය කළ බවයි.

එම ස්ථාන අඛණ්ඩව අධීක්ෂණය කරන ලෙසත් මහජනතාවට ලැබෙන පැමිණිලි අදාළ පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කරන ලෙසත් උපදෙස් ලබාදුන් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *