ඉන්ධන තත්ත්වය පිළිබඳ තොරතුරු යාවත්කාලීන වෙයි.

තවත් ඩීසල් සහ පෙට්‍රල් තොගයක් ගොඩබෑම ලබන සෙනසුරාදා ආරම්භ කරන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

“පසුගිය දින දෙක තුළ දිවයින පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් බෙදා හැර ඇති අතර බෙදා හැරීම අඛණ්ඩව සිදු කෙරේ. පෙට්‍රල් 92 සහ 95 බෙදා හැරීම අද උදෑසන ආරම්භ වූ අතර එය සියලුම ඉන්ධන පිරවුම්හල් ආවරණය වන පරිදි අඛණ්ඩව සිදු කෙරේ. ” බලශක්ති අමාත්‍යවරයා ට්වීට් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *