ඉන්ධන ට්‍රක් රථ තුනක බලපත්‍ර අත්හිටුවයි.

නීතිවිරෝධී ලෙස ඉන්ධන පොම්ප කරන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඉන්ධන ට්‍රක් රථ තුනක බලපත්‍ර අත්හිටුවා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව CEYPETCO සහ LIOC ආයතන මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද ඔහු පැවසීය.

ඉන්ධන ප්‍රවාහනය කරන ට්‍රක් රථ නීතිවිරෝධී ලෙස ඉන්ධන ගොඩ බාන අයුරු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය විය.

නීතිවිරෝධී ක්‍රියා පිළිබඳව අවධානය යොමු කළ සැමට අමාත්‍ය විජේසේකර මහතා ස්තූතිය පුද කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *