ඉන්ධන-ජලය-විදුලිය මිල 15%කින් ඉහලට….

ඇමරිකානු අගය රුපියල් 230 සීමාවට ගෙන ඒම ඩොලරයේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ දීමක් ද නැද්ද යැයි පැහැදිලි නැති බව ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මෙම තත්ත්වය කුමක්දැයි මහ බැංකුව සහ රජයෙන් ඉක්මනින්ම පැහැදිලි කළ යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් ඩොලරයේ මිල මෙම ප්‍රමාණයෙන් හෝ ඉහළ යාම මත ඉන්ධන, විදුලි, ජල ගාස්තු අනිවාර්යෙන්ම ඉහළ යන බව ද ඔහු කීය.

අඩුම කරමින් එම ප්‍රමාණය මෙම අවප‍්‍රමාණයට සාපේක්ෂව 15% මිල ඉහල යාමක් වනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *