ඉන්දීය මහ කොමසාරිස් රනිල් හමු වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක්  කොළඹදී  සිදුවිය.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාරයාලය කරනු ලැබූ ඉල්ලීමකට අනුව එම හමුව සිදුවිය.  කොළඹ 7 පස්වන පටු මගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී මෙම හමුව සිදු ව තිබේ.

ලෝක දේශපාලනය සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයන් සම්බන්ධයෙන්ද මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා සිදු විය.

නේපාලයේ දැනට පවතින දේශපාලන අස්ථාවරත්වය සම්බන්ධයෙන් මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්ථාවරය ඉන්දීය මහ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර වූ සාකච්ඡාව පිළිබඳව ඉන්දීය මහා කොමසාරිස්වරයා විසින් නව දිල්ලියට වාර්තා කිරීමට නියමිත බවද දැන ගන්නට ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *