LK reports news sinhala

ඉන්දියාව බෞද්ධ ප්‍රාන්තයක් නම් කරයි

ඉන්දියාවේ උතුරුදිග ජම්මු කාශ්මීර ප්‍රදේශයේ ‘ලඩක්’ නමින් බෞද්ධ ප්‍රන්තයක් අලුතින්ම ප්‍රකාශයට පත් කර ඇතැයි වාර්තා වේ. 70% කට වැඩි බෞද්ධ පිරිසක් වාසය කරන මෙම ප්‍රදේශය ඉන්දියාවේ එකම බෞද්ධ ප්‍රාන්තය ලෙස මින් ඉදිරියට නම් කෙරෙනු ඇත.

ඉන්දීය රජය විසින් මෙම පියවර ගත්තද චීනයට යාබද හිමාලයානු බෝඩරයට සම්බන්ධ ලඩක් ප්‍රාන්තය ප්‍රාන්තයක් ලෙස තමන් තවම පිළිනොගන්නා බව චීනය ප්‍රකාශ කර ඇත. වර්ග කිලෝමීටර 59146 කින් යුතු ලඩක් ප්‍රාන්තයේ මිලියන 12.2 ක ජනගහණයක් වාසය කරයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම ප්‍රාන්තය නම් කරන්නට හේතුව ඉදිරියේදී මෙම ප්‍රදේශයට චීන රජයෙන් ඇතිවිය හැකි බලපෑමෙන් මිදීමේ උපායක් බවද විදෙස් විචාරකයෝ පවසති.

බෞද්ධ සිද්ධස්ථාන හා සංචාරක පිහිටීම් ගණනාවක් මෙන්ම හිමාල කඳු තරණයට ලඩක් ප්‍රසිද්ධ ප්‍රදේශයකි.

(Image – wonderlist travel)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *