ඉදිරි පැය 36 තුළ ප්‍රදේශ කිහිපයකට වැසි…

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් පවතින පහළ වායුගෝලීය කැළඹීම තවමත් පවතින බැවින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ කළා.

පස්වරු 04.00 සිට ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි රට සඳහා පොදු පුරෝකථනයක් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලදී.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එහි සඳහන්.

නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *