ඉදිකිරීම් ක්‍ෂේත්‍රය ජනපති හමුවේදී ගැටලු මතුකරයි.

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ නියෝජිතයින් ඊයේ (21) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවේදී ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD) සඳහන් කළේ, පවතින ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියෝජිතයින් මෙම හමුවේදී අවධානය යොමු කළ බවයි.

මධ්‍යම ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති මෙන්ම මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රමාදයන් සහ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව ද සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

බැංකු සහ අනෙකුත් මුල්‍ය ආයතන සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳව ද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියෝජිතයින් පෙන්වා දුන්නා.

ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කෙරෙන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන් බව පීඑම්ඩී ප්‍රකාශ කළේය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි නගා සිටුවීම සඳහා විශේෂ කාර්ය බලකායක් පත් කරන ලෙසද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියෝජිතයින් ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *