ඇමරිකාව මෙරට බලශක්ති ක්ෂේත්‍රයට ආයෝජනය කිරීමට සැරසේ

අමෙරිකාව විසින් ඉදිරියේදී මෙරට තුළ සිදු කිරීමට අපේක්ෂිත බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ආයෝජන පිළිබඳව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී මෙම හමුව සිදුවී ඇත.

මෙරට කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවත් එන්නත් තොගයක් ප්‍රදානය කිරීමට අමෙරිකාව අපේක්ෂාවෙන් පසුවන බවද ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය මෙහිදී පවසා තිබේ.

ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මෙන්ම ආර්ථික කටයුතු පිළිබඳ දෙරටට වැදගත් වන කරුණු රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇති බවද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් මැතිවරණ ප්‍රතිසංස්කරණයට අදාළ විශේෂ කාර්ය සභාවක් පිහිටුවීම සම්බන්ධව සහ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නැවත පිහිටුවීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අමෙරිකාව සිය ස්තූතිය පළ කරන බවද මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *