ඇමරිකාවෙන් ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ

සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය අතර හමුවක්   සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ දී සිදුවිය.

මෙම හමුවේ දී මෙරට ඖෂධ සැපයුම සහ සෞඛ්‍ය සේවාවන් පිළිබඳව පුළුල් කතිකාවක් සිදු වූ අතර එහි දී මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ යම් ප්‍රමාණයක් ඇමරිකාවේ පරිත්‍යාගශීලීන් වෙතින් මෙරටට සපයා දීමට ඇමරිකානු තානාපතිනිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට එකගතාවය පළකරනු ලැබී ය.

එමෙන්ම මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය මෙන් ම එහි අනාගත අභිවෘද්ධිය පිළිබඳව ද මෙම හමුවේ දී  දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනය සහ මර්දනය සදහා අවශ්‍ය කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් සකස් කිරීම පිළිබඳවත් එම කටයුතු දියත් කරන ආකාරය පිළිබඳවත් එමෙන් ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ද ක්‍රියාත්මක කරමින් එම රෝග තත්ත්වයන් පාලනය කිරීමට කටයුතු කරන ආකාරය පිළිබඳව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී ඇමරිකානු තානාපතිනිය දැනුවත් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *