ඇමති පිළිගත් වගා හානිය

රසායනික පොහොර තහනම නිසා තේ වගාවේ ගුණාත්මකභාවයට විශාල හානියක් සිදුවු බව තමාද පිළිගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

2022 අයවැය තෙවන වර හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,

“තේ වගාකරුවන් යම්කිසි අපහසුතාවයකට පත්වුණා. තේවල ගුනාත්මකභාවය පිළිබඳ ප්‍රශ්නයක් මතුවුණා. ඒක අපි පිළිගන්න අවශ්‍යයි. පෙබරවාරි වෙද්දි සහනදායි මිලට පොහොර ගන්න පුළුවන් වෙයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *