ආහාර හා කෘෂිකර්ම සංවිධානය අගමැතිතුමාට සහාය වීමට එකඟ වෙයි.

ශ්‍රී ලංකාවේ ආහාර හිඟය දිනෙන් දින ඉහළ යද්දී ආහාර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහතික වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

“වර්ධනය වෙමින් පවතින ආහාර හිඟය මඟහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර සහය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට සහාය වන බවට FAO මා සමඟ කළ සාකච්ඡාවකදී සහතික විය,” අගමැති වික්‍රමසිංහ සිය නවතම ෆේස්බුක් සටහනේ සඳහන් කර ඇත.

“අපගේ පුරවැසියන්ට ආහාර නොමැතිව ඉතිරි නොවන බවට අපි සහතික වෙමු,” ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරය භාවිත නොකර මල් පාරේ පිහිටි කාර්යාලයේ සිට කටයුතු කිරීමට තීරණය කර ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය. යහපාලන රජය සමයේ අරලියගහ මන්දිරයේ පදිංචිව නොසිටි ඔහු එහි ගියේ රාජකාරී කටයුතු සඳහා පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *