ආසියානු කුසලාන සංචිතය සම්බන්ධව ක්‍රීඩා ඇමති චෝදනා ප්‍රතික්ෂේප කරයි.

2022 වසරේ ශ්‍රී ලංකා ආසියානු කුසලාන සංචිතයට අනුමැතිය ලබාදීම ප්‍රමාද වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් කී‍්‍රඩා අමාත්‍ය කාර්යාලය එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කළ අතර ඒ වෙනුවට සංචිතයේ තොරතුරු පිළිබඳ ලිපිගොනුව අමාත්‍යවරයා වෙත ලැබී ඇත්තේ අගෝස්තු මස 19 වැනිදා පමණක් බවත් පැයක් ඇතුළත අනුමැතිය ලබාදුන් බවත් තහවුරු කළේය.

සංචිතයේ විස්තර ඉදිරිපත් කිරීමේදී කිසියම් බලධාරියෙකු විසින් යම් ප්‍රමාදයක් සිදු කර තිබේද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ද අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබේ.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යවමින් සංචිතයේ තොරතුරු සම්බන්ධයෙන් ලිපි ලේඛන නිසි පරිදි යවා ප්‍රමාද නොකළේ මන්දැයි පැහැදිළි කරන ලෙස ඉල්ලා සිටීම නිසා ක්‍රීඩා අමාත්‍යවරයා දැඩි අපහසුතාවයට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *