ආරක්ෂක අමාත්‍යාංශය අතථ්‍ය පුස්තකාලයක් දියත් කරයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.defence.lk වෙත නවතම එකතු කිරීම ලෙස එවැනි පළමු අතථ්‍ය පුස්තකාලයක් ඇතුළත් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසන්නේ www.defence.lk වෙබ් අඩවියට අථත්‍ය පුස්තකාලයක් ලෙස නවතම එකතු කිරීම පිළිබඳව ලොව පුරා සිටින සිය ප්‍රේක්ෂකයින් දැනුවත් කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි.

මෙම නව එකතු කිරීම තම දැනුම වැඩි දියුණු කර ගැනීමට කැමති අය සඳහා නොමිලේ ලබා ගත හැකි විද්‍යුත් පොත් රාශියක් සඳහා දොරටු විවර කරනු ඇත.

ආරක්‍ෂක අංශයේ එවැනි ආකාරයේ පළමු සංකල්පයක් වන මෙම සුවිශේෂී සංකල්පය, දැනුම එක්රැස් කිරීම සඳහා තොරතුරු මූලාශ්‍රවල ප්‍රවේශය පුළුල් කිරීම සඳහා අතථ්‍ය වේදිකාවක් සැපයීම අරමුණු කර ගෙන ඇති අතර එමඟින් මිනිසුන්ගේ අවබෝධය සහ සන්නිවේදනය සහ සිවිල් / හමුදා ක්‍රියාකාරකම් සඳහා වඩා හොඳ පුද්ගලයින් ගොඩනැගීමට හැකි වේ. එහි සඳහන් විය.

රට කලාපීය දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ අරමුණින් සිටින බැවින් විශේෂයෙන්ම ස්ටාආට් ආයතනයකින් මෙවැනි පියවරක් ගැනීම කාලෝචිත පියවරක් බව හැඟෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

www.defence.lk/publication/e_book_cat සබැඳිය හරහා විද්‍යුත් පොත් පිරික්සීමට හැකි අතර වෙබ් අඩවියට පිවිස මෙම නොමිලේ පහසුකම භුක්ති විඳීමට සියලු දෙනා සාදරයෙන් පිළිගනිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *