ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය පිළිගන්න බෑ- ශ්‍රී ලංකා කතෝලික සභාව

චැනල් 4 වීඩියෝව සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා කතෝලික සභාව වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමන් පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ජුඩ් ක්‍රිෂාන්ත පියතුමන් එම අදහස් පළ කළේය.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත්‍ර ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය සහ විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසන් සභා වාර්තාව අතර පරස්පරතා පවතින බවද  ජුඩ් ක්‍රිෂාන්ත පියතුමන් පෙන්වා දෙයි.

ඒ අනුව, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් පිළිගත යුතු වන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ වාර්තාවද එසේත් නොමැතිනම් ජනාධිපති කොමිසම් සභාවේ වාර්තාවද යන්න ගැටලු මතුවන බව ඔහු සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා,

“සැක සහිත පුද්ගලයින්ට සුදු හුණු ගාලා. ඔවුන්ව නිවැරදි කිරීමට ගන්නා වූ ප්‍රයත්නයක්. සුරේෂ් සලේව එල්ලන්න කියන්නේ නැහැ. හිටපු ජනපති ගෝඨාභයට සිර දඬුවම් දෙන්න කියන්නේ නැහැ. ඔවුන් වැරදිකරුවන් කියලා ප්‍රකාශ කරනවා නෙමෙයි. අපි කියන්නේ මේ ගැන පුළුල් විමර්ශනයක් කරන්න. විනිවිදභාවයක් සහිත වාර්තාවක් ඉදිරිපත් කරන්න. එදාට අපි ඔයාලා කියන දේ පිළිගන්න සූදානම්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *