ආයෝජකයන් රකින නව පනතක් මැතිසබයට

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කිසිඳු ආයෝජකයෙකු බිය විය යුතු නැති බවත්  විශේෂ ආයෝජන සුරක්ෂිත කිරීම සඳහා පනතක්  පාර්ලිමේන්තුවට ඉදිරියේදී  ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , ඇමරිකානු එක්සත් ජනපදයේ දස දෙනෙකුගෙන් සමන්විත ආයෝජක දූත කණ්ඩායමක්  අමාත්‍යංශයේ දී හමුවූ අවස්ථාවේදීය.

පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාව වරින්වර උපද්‍රවයන්ට සහ බාධාවන්ට මුහුණ දුන් බවත් බංකොලොත් බවින් රටේ ආර්ථිකය ගොඩ නගා ගැනීමට ජාතික ජනබලවේග ආණ්ඩුව වෙත විශිෂ්ට බලයක්  ජනතාව  දුන් බවත්  ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *