ආබාධයකට ලක්වූ දුෂ්මන්ත චමීර වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායම, ක්‍රීඩකයෙකු නම් කරයි.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ICC T20 ලෝක කුසලාන තරගාවලියේදී ආබාධයකට ලක්ව සිටින දුෂ්මන්ත චමීර වෙනුවට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත කණ්ඩායමට එක්වීමට නියමිතය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ICC තාක්ෂණික කමිටුවේ අනුමැතියට යටත්ව කසුන් රාජිත ජාතික සංචිතයට ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා NewsWire වෙත ප්‍රකාශ කළා.

ජාතික කණ්ඩායමට එක්වීම සඳහා කසුන් රාජිත ළඟදීම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යන බවද මොහාන් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

කණ්ඩායමේ තවත් කිහිප දෙනෙකුගේ ආබාධ තත්ත්වය හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ද ශ්‍රී ලංකා කණ්ඩායමට පොරොත්තු ක්‍රීඩකයෙකු ලෙස එක්වීමට ඉඩ ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මනාථ චමීර බරපතල ආබාධයකට ලක්වීම හේතුවෙන් 2022 T20 ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් කළ බවට අද පෙරේදා වාර්තා වීමෙන් පසුව මෙම නිවේදන නිකුත් කර ඇත.

දුෂ්මනාථ T20 ලෝක කුසලානයෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා NewsWire වෙත තහවුරු කළා.

ශ්‍රී ලංකාව මීළඟට 2022 ඔක්තෝම්බර් 20 වෙනිදා නෙදර්ලන්තය සමග Geelong හිදී තරග වදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *