සමාගම්

ආනයන සීමා තව දුරටත් ක්‍රියාත්මක කළ යුතුයි

විදේශ විනිමය කළමනාකරණය උදෙසා වාහන ගෙන්වීම පිළිබඳවත්, වෙනත් ආනයන පිළිබඳවත් ඇති කර තිබෙන සීමාවන් තවදුරටත් ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාවක් තිබෙන බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

එම මාධ්‍ය හමුවේදී දැනට පවතින වාහන ආනයන සීමා කවදා වන විට ඉවත් කරනවාදැයි මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා මෙසේ පවසා සිටියේය.

“මහ බැංකුව හැටියට අපට ඉදිරිපත් කරන්න තිබෙන අදහස් අනුව වාහන ගෙන්වීම පිළිබඳවත්, වෙනත් ආනයන පිළිබඳවත් ඇති කරලා තියන යම් යම් නියාමන නීති රීති, සීමාකරණ නීති රීති තවදුරටත් ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාවක් තිබෙනවා. ඒ විදේශ විනිමය කළමනාකරණය පැත්තෙන්. ඒ අදහස අප නිතරම ආණ්ඩුවට ප‍්‍රකාශ කරලා තිබෙනවා. හැබැයි අවසාන තීරණ ගැනෙන්නේ ඒ පිළිබඳ කමිටුවකින්. මහ බැංකුවේ නියෝජිතයන් ඒ කමිටුවේ ඉන්නවා. නමුත් ඒක හුදෙක් නියෝජනයක් පමණයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *