“ආණ්ඩුව පන්ති පහ පාස්- හය වසර ෆේල්” – නාමල්

ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගන්වන්න උත්සාහ  කරන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ආණ්ඩුව පන්ති පහ පාස් නමුත් හය වසර ෆේල් බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය  බිය ගන්වා තමන්ට ඕන දේ කරගන්න මෙම ආණ්ඩුව උත්සාහ කරන බව ද රාජපක්ෂ මහතා පැවැසීය.

රටේ නිතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණ පද්ධතියත් ආණ්ඩුවේ මර්දනයට යට වෙන්නේ නැති බවට තමාට දැඩිසේ විශ්වාස බවද නාමල් රාජපක්ෂ පැවසීය.

නෙළුම් මාවත කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී නාමල් රාජපක්ෂ මහතා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *