ආණ්ඩුව ගත්තේ යන්න බලාගෙන නෙමෙයි – ජනාධිපති

ආණ්ඩුව ගත්තේ යන්න බලාගෙන නොවේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනහමු කීපයක් අමතමින් පැවසීය.

පෙබරවාරිය සුබ මාසයක් වනු ඇති බව කී ජනාධිපතිවරයා පෙබරවාරිය අසුබ විය හැකි කට්ටියක්ද සිටින බව සඳහන් කළේය. “මට උසාවියේ නඩු අහන්න බලයක් නෑ.රිමාන්ඩ් කරන්නෙ වැරදි කාරයෙක් නෙමෙයි. අද රිමාන්ඩ් කරලා හෙට එළියට එන්නත් පුළුවන්.රිමාන්ඩ් කරන ඒවා ගණන් ගන්න එපා.

මේ පෙබරවාරිය සුබ මාසයක් වෙයි.සාමාන්‍යයෙන් කියන්නේ දින අඩු මාස අසුබයි කියලනේ.අසුබ කට්ටියකුත් ඉදියි. සාමාන්‍ය සත්‍ය නම් සොයාගන්න බැරි හැම ඝාතනයක් පිටුපසම දේශපාලකයෙක් ඉන්නවා.ඒක නිසා මේවා නිසි පරිදි පරීක්ෂණ සිද්ධ වේවි.

වාහන ආනයනය කරන්න තහනම් වෙලා තිබුණ කාලෙ දේශපාලකයන් ළඟ වාහන තියෙනවා.රෙජිස්ටර් කරන්නේ නැතුව වාහන දුවනවා.

ජෝන්ස්ටන් ඉන්නවා, රත්වත්තේ ඉන්නවා, තව පැත්තකින් මීගමුවේ කෙනෙක් ඉන්නවා.කඩුවෙල කෙනෙක් ඉන්නවා හෙට අනිද්ද අත්අඩංගුවට ගනියි.

අදත් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 29 ක් අතුරුදන්.නීතියක් නැති රටක් මේ.

පරාජිත කණ්ඩායම් මොනතරම් හොල්මන් කරමින් බලය ලබාගන්නට තැත් කළත් ජනතා සහාය තිබෙන තුරු මේ ආණ්ඩුව ආපහු යවන්න බෑ.ආණ්ඩුව ගත්තෙත් යන්න බලාගෙන නෙමෙයි. මතක තබා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *