ආචාර්ය හර්ෂ ආර්ථික සැලැස්ම ඉදිරිපත් කරයි…

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමේ වැඩපිළිවෙළක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටියේ මෙම වැඩසටහන සඳහා සහය ලබාදෙන ලෙසයි.

“ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා දේශීය හා විදේශීය ආයතනවල විශ්වාසය තහවුරු කරන ආර්ථික වැඩසටහනක් මම ඉදිරිපත් කර තිබෙනවා,” ඔහු පැවසීය.

විශේෂඥයන්, විද්වතුන්, වෘත්තීය සමිති, දේශපාලනඥයින් සහ මහජනතාව සමඟ සාකච්ඡා කර පසුගිය මාස කිහිපය තුළ මෙම ආර්ථික වැඩසටහන කෙටුම්පත් කර ඇත.

තාවකාලික පියවරක් වන මෙම ආර්ථික සැලැස්ම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක අනුමැතිය ද හිමිව ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.

SJB පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ මෙම ආර්ථික සැලැස්ම තුළින් ශ්‍රී ලංකාව නිවැරදි මාවතකට යොමු කළ හැකි බවත් ඉන් පසුව මැතිවරණයක් කැඳවිය හැකි බවත්ය.

“මෙම ආර්ථික සැලැස්ම සර්ව පාක්ෂික රජය විසින් පිළිපැදිය යුතු බව මම උපදෙස් දෙමි. මේ වැඩපිළිවෙළ සඳහා පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂවල සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

එවැනි ක්‍රියාමාර්ගයක් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශ්වාසය දිනාගන්නා බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, එමගින් ශ්‍රී ලංකාවට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකිවන බවද සඳහන් කළේය.

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංශෝධනයක් සමඟ අමාත්‍යාංශ 30/40ක් හිමිවන බවට ඉඟි පළවෙමින් පවතින බැවින් මේ වන විට ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.

“ඇමති ධූරයක් බාරගන්න කියලා මට ආරාධනා කළාට ඒකෙන් රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඇමැතිකමක් ගන්න විතරක් මට කිසිම ආණ්ඩුවකට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවක් නැහැ” යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

SJB මන්ත්‍රීවරයා මේ වන විට ශ්‍රී ලංකාවට නිශ්චිත සැලැස්මක් යටතේ නිශ්චිත කාලසීමාවක් සඳහා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙඅංශයෙන්ම ඒකාබද්ධ වූ අඩු අමාත්‍යවරුන්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් අවශ්‍ය බව පැවසීය.

එමගින් ජාතිය වෙනුවෙන් තම ආර්ථික වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *