අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාල ජනවාරි මස වැඩිහිටි දීමනාව අද(28) ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවෙල ගෙදර මහතා පවසයි.
ඒ අනුව අස්වැසුම පළමු අදියරට අදාළව රුපියල් කෝටි 1123.47ක් ප්රතිලාභී පවුල් 1415584 ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.
අස්වැසුම පළමු අදියරට අදාල ජනවාරි මස වැඩිහිටි දීමනාව ලෙස රුපියල් කෝටි 309.22 ක මුදලක් ප්රතිලාභීන් 618,440 අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ අස්වැසුම බැංකු ගිණුමට බැර කිරීමට නියමිතය.


