මේ රජය බලයට පත්වූ පසු අස්වැසුම සඳහා අයදුම්පත් කැඳවූ අවස්ථාවේ අයදුම්පත් ලක්ෂ අටක් ඉදිරිපත්වූ බවත් ඒ අතුරින් දෙලක්ෂ අසූහත් දහසක් දෙවැනි වටයෙන් සුදුසුකම් ලබා ඇති බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසීය
රටේ අස්වැසුම ප්‍රතිලාභීන් දහසය ලක්ෂ පනස් හත්දහස් හයසිය විසි එකක් සිටින බවද ජයවීර මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී සුරංග රත්නායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.සුභ සාධක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු සියලු දෙනාට ප්රතිලාභ ලබාදී අැති බවද ඔහු කීවේයඅස්වැසුම ඉල්ලා ඇති අය අතරින් තෝරා ගත්තු නැති ලොකු පිරිසක් සිටින බවත් එම පිරිස මේ දිනවල තේරීම් ක්‍රියාවලියට ලක් වෙමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.


